Colombo Today Local News

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

උත්සව සමයේදී සහනදායී අන්දමින් සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාන්ඩ ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරගත හැකි බවය.

“සතොස ශාඛා ජාලය හරහා රුපියල් 100කට වඩා අඩුවෙන් නාඩු සහල් සහ කැකුළු සහල් අළෙවි කිරීම කරනවා. උත්සව කාල පරිච්ඡේදයත් සමඟ අපට රාජ්‍ය මැදිහත්වීමක් තුළින් කිසියම් ආකාරයක සහනයක් ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් ඒ සඳහා මැදිහත්වෙලා භාණ්ඩ ටික පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ලබා ගන්න පුළුවන්. සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල 1998 දුරකථන අංකයට දැනුම් දීමෙන් තමන්ගේ නිවසට භාන්ඩ ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්.”

“ප්‍රමාණයන් වැඩි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලනවා ඉදිරියේදී සැපයුම් ප්‍රමාණය වැඩි කරන්න. පුළුවන් වුණොත් එක පාරිභෝගිකයෙකුට ලබාදෙන ප්‍රමාණය ඉහළ නංවන්න කටයුතු කරනවා”

Related posts

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin

1997 ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි !

colombotoday

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday