Colombo Today Local News

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

“සන්ෂයින් සුද්දා” ඝාතනය සහ තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු වන හේවාලුනුවිලගේ ලසන්ත හෙවත් “ටින්කර් ලසන්ත” කළුතර, දියගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමරුවෙකදී මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය පවසයි.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල් ගතකර තිබේ.

Related posts

සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනා ඇපමත නිදහස්

colombotoday

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට නවකයෙක්

colombotoday

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday