Colombo Today Local News

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා. කුඩාම පළාත් පාලන ආයතනය ඒකකය තමයි මෙහි කොට්ඨාසය. කොට්ඨාස 4,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ඨාසයකට ම මිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් වෙන් කරනවා “

මේ අතර සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ට ම සිය කොට්ඨාසය තුළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය අයවැයෙන් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ටම රුපියල් මිලියන 15 බැගින් රුපියල් බිලියන 3,375ක මුදලක් සංවර්ධන මුල්‍ය ප්‍රතිපාදන ලෙස හිමි වේ.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි | පැෆ්රල් සංවිධානයත් කැදවයි

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

රිෂාඞ් බදියුදීන් හිස්බුල්ලා මුළුමහත් මුස්ලිම් ප‍්‍රජාවම පාවා දුන්නා – ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්

colombotoday