Colombo Today Local News

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ඊයේ (10) දින පස්වරු 1 සිට පස්වරු 3 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම මගින් මගී ප්‍රවාහන බස්‍ රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම සහ ආදී බොහෝ දේ යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මකවිය.

මෙම විශේෂ මෙහෙයුම් පොලිස් නිලධාරීන් 437 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, එහිදී මගී ප්‍රවාහන බස් රථ 998ක් හා වයුසමනය කළ බස්‍ රථ 207ක් සහ සිල්ලර වෙළෙඳසැල් , ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් 1290ක් ද මෙහිදී දැඩි සෝදිසි කිරීම්වලට හසු වූ බවයි පොලිස් මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසළකා ක්‍රියා කළ මගී ප්‍රවාහන බස් රථ 369කට සහ වායුසමනය කළ බස් රථ 67කට සහ රියැදුරන් සඳහා ද වෙළෙඳසැල් 581ක් සඳහා ද පොලීසිය විසින් දැඩි අවවාද කර තිබේ.

Related posts

“ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමට ආණ්ඩුව පයින් ගහලා” – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

colombotoday

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

colombotoday

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday