Colombo Today Local News

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

සංඥා දෝෂ හේතුවෙන් අද (01) උදෑසන සිට ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

අද උදෑසන දෙමටගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හට ගැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණි.

මේ අතර රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් සංඥා දෝෂයක් හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි.

කෙසේ වෙතත් අනතුරින් බරපතළ හානි කිසිවක් වාර්තා නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

අර්චුනා යලි පිස්සුවක් නටයි

Admin

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලිය නෑ

Admin