Colombo Today Local Newsextremism & terrorism activities

ඥානසාර හිමිට කඩුගන්නාවේ මුස්ලිම් කල්ලියකින් තර්ජන. – එරෙහිවූ තරුණයෙකුගේ පවුලකටත් ප්‍රහාරයක්. පොලීසියටත් චෝදනා

සෆ්රාස් නැමති පුද්ගලයෙකු විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මරණයට පත්කළ යුතු බවටත් කපා දැමිය යුතු බවටත් ප්‍රකාශයක් සිදුකල බවත් ඊට එරෙහිවීම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් තම නිවසට කඩා වැදී තමාටත්, මවටත්, සොහොයුරාටත්, සොහොයුරියටත් පහර දුන් බව කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි අහමඩ් මුස්නි නමැති මුස්ලිම් තරුණයෙකු සඳහන් කර සිටිනවා.

නිවසට කඩා වැදුණු පිරිස මවගේ ඔලුවට පහර දුන් බවත් සොහොයුරාට බිමදාගෙන පහර දුන් බවත් තමාටත් සොහොයුරියටත් “මුන් ඔක්කොම මරන්න ඕනි” යනුවෙන් පවසමින් පහර දුන් බවත් ප්‍රදේශයේ ජීවත් වන සිංහල ජනතාව පැමිණ තමන් ඇතුළු පවුලේ අය බේරාගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේවෙතත් පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පෙර, තමන්ට පහර දුන් සෆ්රාස් නැමති පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳට පහරදුන් බවට තමන්ට විරුද්ධව සිදුකල අසත්‍ය පැමිණිල්ලක් මත තමන් සහ තම සොහොයුරා අසාධාරණ ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අහමඩ් මුස්නි විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ.

මෙම පහරදීමට සම්බන්ධ පිරිස විසින් තමන්ව පල්ලියෙන් අයින් කරන බවටත් ජමයතුල් උලමා සංවිධානය හරහා ඇක්ෂන් එකක් ගන්නා බවටත් තර්ජනය කර ඇති බවත් ශ්‍රී ලංකාවේ පොලීසිය තිබියදී උලමා සභාව තමන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නේ කෙසේද යන ප්‍රශ්නය තිබෙන බවත් ඔහු විමසා සිටියේය.

අහමඩ් මුස්නි විසින් සිදුකල සම්පුර්ණ ප්‍රකාශය…

Related posts

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

colombotoday

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

වයඹ පළාත් ගුරු සේවයේ සම්මුඛ පරීක්ෂණ : මුස්ලිම් ජාතිකයන්ට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් වැඩි අවස්ථාවක් දීලා

colombotoday