World

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි විස්ස තරග 5 කට සහභාගි වීම සඳහා පාකිස්ථානය බලා ගොස් සිටි නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම පළමු තරගය ආරම්භ වීමට පැය ගණනක් තිබියදී ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් සංචාරය අවලංගු කර නැවත සිය රට බලා යෑමට තීරණය කර ඇත.

රාවල්පිණ්ඩිහිදී ඊයේ (17)දින පළමු තරගය ආරම්භයට පැය ගණනක් තිබියදී නවසීලන්තය ගත් මෙම තීරණය ඒකපාර්ශ්වීය තීරණයක් ලෙස පාකිස්ථාන් කි‍්‍රකට් පාලක මණ්ඩලය අර්ථ දක්වා තිබිණි.

නවසීලන්ත වසර 18 කට පසුව පකිස්ථානයේ සිදු කළ ප‍්‍රථම කි‍්‍රකට් තරග සංචාරය මෙය වූ අතර 2003 වසරේදී ඔවුන් අවසන් වරට පාකිස්ථානයේ සිදු කළ සංචාරයේදී කණ්ඩායම රැඳී සිටි කරච්චි හෝටලයේ පිපිරීමක් සිදුවිණි.

නවසීලන්ත කණ්ඩායම පසුගිය 11 වැනිදා ඉස්ලාම්බාද් ගුවන්තොටුපළින් පාකිස්ථානයට පියනැගූ අතර ඉන්පසුව පුහුණු සැසි සමග පුහුණු තරගවලට ඔවුහු සහභාගි වූහ.

එහෙත් නවසීලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ නවසීලන්ත බලධාරීන් පාකිස්ථානයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් වීමට නොහැකි බව දක්වමින් නවසීලන්ත කණ්ඩායම යළි සිය රටට ආපසු කැඳවීමට දැනුම් දී ඇත.

Related posts

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday