Colombo Today Local News

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

රජය විසින් පනවනු ලැබ ඇති පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත.

සහල් සඳහා පාලන මිලක් රජය විසින් පනවනු ලැබුවද ,ඇතැම් වෙළඳුන් සහල් මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් ඊයේ(06) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා වෙළඳ ඇමතිවරයාට මෙම උපදෙස් දී ඇත.

මේ අතර ,මහා පරිමාණ වී මෝල් හිමියන් පාලන මිල යටතේ සහල් අලෙවි නොකරන්නේ නම්, ඒවායේ ගබඩා රජයට පවරා ගෙන හෝ පාලන මිලට සහල් ලබා දෙන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Related posts

මොනරාගල සෙලවෙයි

Admin

ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිළධාරියෙක් මිය යයි

colombotoday

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin

දේශපාලන කුණාටුවෙන් දකුණ කැළබෙද්දී “ගජ“ උතුරට කඩා වදී…

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් ගාලු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

චීනයෙන් මහින්දගේ මැතිවරණයට ඩොලර් මිලියන 7ක්.. මිලියන 1.7 චෙක් දෙකක් අරලියගහ මන්දිරයට.. ප්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 38.000ක් – Newyork Times හෙලි කරයි

colombotoday