World

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

ෂියා මුස්ලිම් පූජකයකු ඇතුළු 47 දෙනෙකු ඉකුත් සෙනසුරාදා සෞදි අරාබියේදී එල්ලා මරා දැමීමෙන් පසුව සුන්නි – ෂියා විරසකය යළිත් කරළියට පැමිණ ඇති අතර ෂියා මුස්ලිමුන් බහුතරයක් වෙසෙන ඉරානය සමගද සියළු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හැර දැමූ බවට සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

සෞදි විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල් ජුබියර් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෞදි අරාබියේ සිටින ඉරාන රාජතාන්ත්‍රිකයින් සියලු දෙනාට පැය 48ක් තුළ සෞදි අරාබියෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව ය.

ඉරාන විරෝධතාකරුවන් සෞදි අරාබියේ රාජත්‍රාන්ත්‍රික සබඳතා පළුදු කිරීමට ඉවහල් වූ බව ඔහු සඳහන් කර තිබේ.

ඒ, ෂියා මුස්ලිම් පූජකයා සෞදියේදී මරා දැමීමෙන් පසු ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සහා සෞදි රජ පවුලේ පින්තූර ගිනිතැබීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙනි.

2011 වසරේ අරාබි වසන්තය නමැති විප්ලවීය නැගිටීමට සම්බන්ධ ප්‍රධාන පෙළේ ෂියා නිකායික පූජකවරයෙකු ද ඇතුළුව සිරකරුවන් 47 දෙනෙකු සෞදි රජය ඉකුත් සෙනසුරාදා එල්ලා මරා දැමීමෙන් අනතුරුව ඊට එරෙහිව ලොව රටවල් කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

මූලාශ්‍ර

Related posts

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

colombotoday

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝනයක් උතුරු කොරියාවෙන්

Admin

ඊයේ දිල්ලියේ වාර්තා වූ රෝගීන් 356 දෙනාගෙන් 325 ක් තබ්ලික් ජමාත් සාමාජිකයින් බව ඉන්දීය රජය නිවේදනය කරයි.

colombotoday

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday