Colombo Today Local News

ඉෂාලිනිගේ මෘත දේහය ගොඩ ගැනිම සදහා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය හැටන් ඩයගම බටහිර කොටසේ පදිංචි අවු 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් මෘත දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා යන නිලධාරින් පැමිණ (29) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ බි වාර්තාවක් මගින් කරුණු වාර්තා කරනු ලැබුහ.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුක්ෂිකා කුමාරි ජයරත්න මහත්මිය හමුවේ කොළඹින් පැමිණි විශේෂ පොලිස් නිලධාරින් සිරුර ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය දැනුවත් කල එම පොලිස් නිලධාරින් (30) දිනයේදි සිරුර ගොඩ ගන්නා බවද මහෙස්ත්‍රාත්වරිය හමුවේ කරුණු වාර්තා කරනු ලැබුහ.

මිය ගිය ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර (30) දින ගොඩ ගැනිමට නියමිත අතර , දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්තේ බටහිර කොටසේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදා ඇත.

කොළඹ පොලිස් කොට්ඨාශයෙන් ඩයගමට පැමිණි පොලිස් කණ්ඩායමේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් (29) දිනයෙත් එම වතු යායෙන් මිට ප්‍රථම හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් සිටි කාන්තාවන්ගෙන් සහ එම කාන්තාවන් කොළඹට රැගෙන ගිය පිරිසගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන තොරතුරු රැසක් හෙළි වේ

colombotoday

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

colombotoday

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday