Colombo Today Local News

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් පාරිභෝගික කටයුතු අධිකාරියේ කණ්ඩායමක් විසින් කොටහේන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක (බස්නාහිර පළාත) ඒ. ඒ. ජසූරි මහතා පැවසුවේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකළ බවයි.

ඒ අනුව කොටහේන, ශිවානන්ද වීදියේ අංක 61ක දරණ ස්ථානයේ පිහිටි ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 15 බැගින් අඩංගු ගෝනි 1200ක් සොයාගෙන ඇත.

එම හාල්මැස්සන් චිලීපේස්ට් නිෂ්පාදකයින් විසින් මිලදී ගන්නා බවට ද එහිදී තොරතුරු අනාවරණය වී ඇත.

ඊට අමතරව ඉන්දියාවෙන් අනායනය කරන ලද කිලෝ 50 බැගින් අඩංගු සීනි ගෝනි 450ක් ද පරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එම සීනි තොගය කල් ඉකුත් වී නොමැති අතර, එම ගබඩාව සහ මෙම සීනි තොගය පරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලේඛණගත කර එම භාණ්ඩ පිළිබද වාර්තා කර නොමැත.

පරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විධාන අංක 79 පරිදි හාල්, සීනි, කිරිපිටි, වී පිළිබදව වාර්තා කළ යුතු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සදහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් වෙයි

colombotoday

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ – මුඟුණුවෙල අනුරුද්ධ හිමි

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

වැඩබලන පොලිස්පති දේශබන්දු

Admin