Colombo Today Local News

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

මැතිසබයේ සමහර කමිටු නීතියට පිටින් ගොස් ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ලක්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කළේය.

සෑම කාරක සභාවකටම සීමා තියෙනවා. නමුත් සමහර සභා නීතියට පිටින් ගිහිල්ලා ප්‍රශ්න අදිනවා. කෝප් කමිටුව යම් සිද්ධියක් ගැන පරීක්ෂණයක් කරන්න නම් ඒ ගැන විගණන විමසුමක් තියෙන්න ඕන. එහෙම දෙයක් නැතුව පරීක්ෂණ කරන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නැගිටලා පැමිණිලි කරනවා. සභාපතිතුමා පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක රූපවාහිනිය පෙන්නනවා. මේක අපිට කරන බලවත් අසාධාරණයක්. විගණන විමසුම් විතරයි ගන්න පුළුවන්. නමුත් නිලධාරීන් ඔක්කොම ගෙන්නනවා. මහවැලි ඒකෙ ඔක්කොම ගෙන්නුවා. ඉඩම් ප්‍රශ්න රස්සා දෙන ක්‍රමය ඔක්කොම සාකච්ඡා කරනවා. මේවා විගණන විමසුම්වල නැහැ. කෝප් එක දාල තියෙන්නෙ විගණන විමසුම්වලට විතරයි. මමයි සභානායකතුමායි තීරණය කළා කතානායකවරයා හමුවෙලා කෝප් සභාපතිවරයාට උපදේශයක් දෙන්න.

Related posts

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

හිටපු නාවික හමුදාපති CIDයට…

colombotoday

ඇමති ඩලස් නීලිකාගෙන් සමාව අයදී

colombotoday

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

colombotoday

අසනීපයි එන්න විදියක් නෑ සත්තයි හොද වුන ගමන් එනවා- CIDයට කරුණා අම්මාන් දන්වයි

colombotoday

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday