Colombo Today Local News

ජනවාරි 8න් පසු මුස්ලිම් ජනතාවට පුනරුදයක් උදා වුණා. රාජපක්ෂ සමයේ භීතියෙන් ඇලලී හිටියේ – මුජිබර් රහුමාන්

රාජපක්ෂ භීම පාලන සමයේ මුස්ලිම් ජනයා භීතියෙන් ඇළලී ජීවත් වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් පවසයි.

මුස්ලිම් ජනයාගේ දේපළ වලට කෙතරම් හානි පැමිණවීද හා මුස්ලිම් ආගමික පල්ලි කොපමණ ප්‍රමාණයක් විනාශ
කළේද යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි බව හෙතෙම පවසා ඇත්තේ Arab News සමග සම්මමුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉකුත් ජනවාරි 8 වෙනිදායින් පසුව ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වූවායින් පසුව මුස්ලිම් ජනයාට පුනරුදයක් උදාවූ බව මන්ත්‍රීවරයා පවසා තිබේ.

තම මුස්ලිම් ප්‍රජාව මේවන විට ජාතිවාදීන්ගේ හිරිහැරයට ලක්නොවී නිදහසේ ආගමික කටයුතු කරමින් නිදහසේ ජීවත්වන බව ‍මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත්තේ මක්කම පිහිටි ‘සිලෝන් හවුස් ‘ නම් ලංකාවේ බැතිමතුන් සඳහා ඉදිකර ඇති සංචාරක නිකේතනයක Arab News සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදීය.

– අද දෙරණ

Related posts

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

ගජමුතු හතරක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday