Colombo Today Sports News

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

යුරෝපානු ශූරතා පාපන්දු තරගාවලි ඉතිහාසයේ අවසාන වටයේ තරග වලදී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා අතරට එක්වුණි.

ඒ යුරෝපා ශූරතා පාපන්දු අවසන් වටයේ තරග වලදී ගෝල 11ක් රැස්කරමින්.

මෙවර යුරෝපානු ශූරතා පාපන්දු තරගාවලියේ පෘතුගාලය සහ හංගේරියාව අතර පැවති තරගයේ 87 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගෙන ගෝලයක් වාර්තා කරමින් රොනාල්ඩෝ වැඩිම එම වාර්තාව පිහිටු වීමට සමත් විය.

ඊට සුළු මොහොතකට පසු තවත් ගෝලයක් වාර්තා කළ රොනාල්ඩෝ පෘතුගාලයට එම තරගයේ ජය හිමිකර දුන්නේ ගෝල 03ට බින්දුවක් ලෙසයි.

ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා යුරෝපා ශූරතා පාපන්දු තරග 22කට සහභාගී වෙමින් රැස්කරගෙන ඇති ගෝල සංඛ්‍යාව 11ක්.

එමෙන්ම වැඩිම ජාත්‍යන්තර ගෝල රැස්කළ යුරෝපා පාපන්දු ක්‍රීඩකයාද වන රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 177කට සහභාගී වෙමින් ගෝල 106ක් රැස්කරගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin

ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංගෙන් චෝදනා

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

Admin

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ‍‍

colombotoday