රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය ඇතුළු චෝදනා ගණනාවක අධිකරණ කටයුතු එන මාසයේදී අරම්භ කරන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව රාජිත සේනාරත්න ඇමති කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කීය.
‘ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත නිසයි ඔවුන් කලබල ඇති කරන්න හදන්නේ. මේවා මෙහෙයවන්නේ කවුදැයි වාර්තා වෙලා තියෙනවා. තාජුඞීන් ඝාතනයේ පරීක්ෂණ සම්පූර්ණයෙන් ඉවරයි. එහිදී යොදාගත් ඩිෆෙන්ඩරය කාගේද, තිස්ස කියන්නේ කාගේ රියැදුරුද කියලා සියළු දෙනාම දන්නවා. රාජපක්ෂ පවුලටම මේ සියල්ල ගැන චෝදනා එල්ල වෙනවා’යැයිද ඔහු එහිදී කීය.