Colombo Today Sports News

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

මලල ක්‍රීඩා සංගමය පවසන්නේ, තරගාවලිය පැවැත්වීමට සති 6 කට පෙර අදාළ දිනය දැනුම් දෙන බවය.

මේ අතර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේදී අදියර වශයෙන් හෝ පැවැත්වීමට කටයුතු කරන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වුණේ, අදාළ ඉසව් පැවැත්වෙන ආකාරය මසකට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට දැනුම් දෙන බවය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday

ලංකාවට රිදී පදක්කමක්

Admin

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

කැපී පෙනෙන වෙනසක්.. නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න

colombotoday

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

colombotoday