Colombo Today Local News

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බරපතල චෝදනා සහිත කොටි සැකකරුවන් 40ක් නිදහස් කිරීමට කටයුතු කර ඇති යහපාලන රජය, රට වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් දෙදෙනෙක් ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට වැඩ කළ වරදට එම පනත යටතේම සිරගත කර ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

කොටි සංවිධානය සමග සබදකම් පැවැත් වූ ‘සිංහල කොටින්’ පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ක්‍රියාත්මක වූ ‘ඔපරේෂන් ඩබල් ඒජ්’ මෙහෙයුමේ මූලස්ථානය ගිරිතලේ කදවුරේදී විවෘත කළ අවස්ථාවේදී පිරිත් කීවේ තමන් වහන්සේලා බවද එහි ප්‍රධානියා වූ දැනට සිරගත කර සිටින කර්නල් ශම්මි කුමාරරත්න දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ හදුනන බවද ඤාණසාර හිමියන් පැවසූවා.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත්තේ කර්නල් ශම්මි කුමාරරත්න බවත්, ඔහු නිවාස දේපළ හම්බරගත් සල්ලිකාරයෙකු යැයි විවිධාකාරයේ චෝදනා කරමින් යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මාෆියාව හරහා තිරිසන් ලෙස එම රණවිරුවාගේ චරිතය ඝතනය කිරීමට කටයුතු කළ බවද, එසේ වුවත් නැගෙනහිර පළාත් සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂකවරයා වශයෙන් රට වෙනුවෙන් මහා මෙහෙවරක් කළද තවමත් තමන්ටම කියා හරිහැටි නිවසක් පවා ඔහුට නොමැති බවත් ඔහුගේ දරුපවුල තවමත් වාසය කරන්නේ ඔහුගේ පියාගේ නිවසේ බවත් එහිමියන් හෙළිදරව් කර සිටියා.

ඤාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය

Related posts

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

මුහුද රළුයි, සුළං සැරයි… ධීවරයන්ට අනතුරු ඇගවීමක් !

colombotoday

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

විදේශයන්හි සිරවූ ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday