Colombo Today Local News

‘සිරගත හමුදාසෙබළු දේශපාලන සිරකරුවන් බව හිටපු ජනපති කියනවා, ඔහුට බන්ධනාගාරයට යෑමට ඉඩ‍නොදෙනු’ අසාද් සාලි

sali uura

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරකරුවන් බැලීම සදහා බන්ධනාගාරය වෙත යන ගමන් වැලැක්වීමට රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කලේ පසුගිය දෙසැම්බර් 22 වන දින ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගතකර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය හිටපු ජනාධිපතිවරයා ඔවුන් ‘දේශපාලන රැඳවියන්’ ලෙස සිරගතකර ඇති බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවයි.

එබැවින්, හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරය වෙත යෑම වැලැක්වීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පවසයි.

ඒ අතරම අදාල හමුදා නිලධාරීන්ව 2015.12.31 දිනට පෙර නිදහස් කළයුතු බව ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් සහ නීතීඥවරයෙකු ප්‍රකාශ කර ඇති බවත්, එලෙස නීතියට බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බැවින් වහාම ඔවුන් පිළිබදවද රජය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටින ‘දෙමළ දේශපාලන රැඳවියන්’ කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බවද අසාද් සාලි අවධාරණය කර සිටියා.

Related posts

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දෙයි

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

ක්ෂේත්‍ර කිහිපයකට ලැබෙන අයවැයේ කොවිඩ් සහන මෙන්න

colombotoday

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

colombotoday

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ඇප

Admin