World

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

මෙක්සිකෝ නගරයේ දුම්රියක් ගමන් කරමින් තිබූ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර ළමුන්ද සිටින අතර 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ ඉහළ යා හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

පාලමත් සමඟ දුම්රිය මැදිරි දෙකක් පහළ මාර්ගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ මතට පතිත වී තිබේ.

ලෝකයේ කාර්යබහුලම නගරවලින් එකක් වන මෙක්සිකෝ නගරයේ මෙට්‍රෝ පද්ධතියේ දශක ගණනාවක සිදු වූ මාරාන්තික සිදුවීම මෙයයි.

Related posts

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

ඉදිරි කාලය ඉතා දුෂ්කර-වේදනාකාරී එකක් වේවි – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට පවසයි

colombotoday

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

Admin

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

colombotoday