Colombo Today Local News

ලංකාවේ ISIS ත්‍රස්ත නියෝජිතයාව ඉන්දීය තරුණියට සම්බන්ධ කරදුන් අය හෙළිවෙයි

isisslශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන නියෝජිතයන් හරහා ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිටි ඉන්දීය තරුණිය ලබා දුන් තොරතුරු මහාරාෂ්ඨ ත්‍රස්ත මර්ධන ඒකකය විසිල් ශ්‍රී ලංකාවේ කන්සියුලර් කාර්යාලයට ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙම ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත නියෝජතයා ඉන්දියාවේ පූනේ හි පදිංචිව සිටි තරුණියට සම්බන්ධ කරදී ඇත්තේ ඉන්දීය තෙල් සමාගමේ නිලධාරියෙක් වන මොහොමඩ් සිරාජුඩීන් නමැති අයෙකු බවයි පැවසෙන්නේ.

අදාල තරුණිය මහාරාෂ්ඨ ත්‍රස්ත විමර්ශන ඒකකයට කළ පාපොච්චාරණය මගින් ලංකාව තුළ සැඟවුණූ ISIS ජාලයක් ක්‍රියාත්මක වන බව හෙළිදරව් වී ඇතැයි ඉන්දීය මාද්‍ය වාර්තා කර තිබුණා.

ISIS ත්‍රස්තයන්ට එක්වී සිරියාවේදී මිය ගිය කුරුණෑගල ගලේවෙල පදිංචිව සිටි ෂර්ෆාස් නිලාම් මුෂීන් නමැති ශ්‍රී ලාංකිකයෙකු පිළිබද මීට පෙර වාර්තා වූ අතර ඔහුත් සමග තවත් 16 දෙනෙකු සිරියාවට ගොස් ඇති බව එම ත්‍රස්තයන් විසින් ප්‍රකාශයට පත් කරන දබීක් සගරාව මගින්ම ප්‍රකාශ කර තිබුණා.

Related posts

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කරයි

colombotoday