Colombo Today Local News

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

එක් රැස්වී ඇති කොරෝනා මළ සිරුරු ඉදිරි දින දෙක තුළ ආදාහනය කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , කොළඹ ජාතික රෝහල , දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රාගම රෝහල ඇතුළු රෝහල් කිහිපයක එලෙස කොරෝනා මළ සිරුරු එක්රැස්වී ඇති බවයි.

ඊයේ (08) දිනයේ එලෙස කළුතර රෝහලේ එක්රැස්වී තිබූ සිරුරු ආදාහනය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ආදාහනාගාරවල පවතින තදබදය හේතුවෙන් අදාළ මළ සිරුරු එලෙස ආදාහනය කිරීම ප්‍රමාද වූ බවය.

මේ අතර නාඳුනන මළ සිරුරු ශීතකරණවල ගොඩ ගැසීම හේතුවෙන් අනෙකුත් කොරෝනා මළ සිරුරු තැන්පත් කිරීමට බාධා මතුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර ඉදිරියේදී කොරෝනා රෝගීන් වැඩි වුවහොත්, ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් වෙන්කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හෙරත් මහතා සඳහන් කළේ ය.

Related posts

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin