Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 67,342 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(07) දිනය තුළ , බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 890 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

පොලීසිය පැවසුවේ, බස්නාහිර පළතෙන් පිටවන වාහන 615 ක් ද එම මාර්ග බාධකවලදී පරීක්ෂාවට ලක් කළ බවය.

අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,206 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂාවට ලක්කර ඇති වාහන සංඛ්‍යාව 812 කි.

Related posts

ෆොන්සේකා භාරයේ තිබූ වනජීවී අමාත්‍යංශයේ සුපිරි ජීප් රියක් අතුරුදන් – රහස් පොලීසියට පැමිණිලි

colombotoday

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් රූපවාහීනි නාලිකාවක්

colombotoday

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday