Colombo Today Local News

“උතුරේ කදවුරුත් පුපුරන්න ඉඩ තියනවා.. ඊට කලින් ඉවත් කරමු” – TNA ජනපති, අගමැතිට කියයි

suresh 9522

කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ වූ පිපිරීම උදාහණයක් සේ සලකා උතුරු පළාතේ පිහිට යුද හමුදා කදවුරු ඉවත් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ද්‍රවිඩ සන්ධාන හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ බව පවසා සිටියේ (07) යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

දෙමළ ජනතාව ජීවත්වන ජනශුන්‍ය නොවන ප්‍රදේශවල හමුදා කදවුරු කිහිපයක්ම තිබෙන බවත්,යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම යන දිස්ත්‍රික්ක වල කිසියම් පිපිරීමක් සිදුවුවහොත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වන බවත් එබැවින් එම කදවුරු වහාම ඉවත් කිරීමට රජය දැන්වත් කඩිනමින් පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් කොස්ගම සිදුවීමෙන් පසු දකුණේ ජානාකීර්ණ ප්‍රදේශවල ඇති හමුදා අවි ගබඩා ඉවත් කර ආරක්ෂිත ප්‍රදේශවල ස්ථාපිත කරන බවට රජය ප්‍රකාශ කර ඇතත් හමුදා කදවුරු ඉවත් කරන බව ප්‍රකාශ කර නැත. හමුදා ආරංචි මාර්ග පවසන්නේ උතුරේ ජනාකීර්ණ ප්‍රදේශවල හමුදා අවි ගබඩා නොමැති බවයි. ආරක්ෂක හේතුන් මත උතුරේ මෙන්ම දකුණේද තදාසන්න ප්‍රදේශවල හමුදා කදවුරු ස්ථාපිතව ඇතත් එය සිවිල් ජනජීවිතයට බාදාවක් නොවන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

 

Related posts

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

Admin

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday