Colombo Today Local News

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගෙන යන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඊයේ (06)දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මහ ලේකම්වරයා පැවසුවේ, රාජපක්ෂ දේශපාලනය රටට, පක්ෂයට ඇති ශක්තිය බවයි.

මේ රටට තියෙන ශක්තිය අපේ පක්ෂයට තියෙන ශක්තිය ඒ තමයි රාජපක්ෂ දේශපාලන ශක්තිය. ඉතින් අපි පක්ෂයක් හැටියට නිර්භීතව කියනවා අපි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග මේ පක්ෂය ඉදිරියට ගෙනියනවා.

රාජපක්ෂවරු නැවතත් තනතුරුවලට පැමිණෙන්නේ ද සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු මහ ලේකම්වරයාගෙන් විමසා සිටියහ.

මේ ඊට පිළිතුරු දුන් පක්ෂ මහලේකම්වරයා..

”මගේ පුද්ගලික මතයත් අපේ පක්ෂයේ බහුතරයකගෙ මතයත් තියෙන්නේ රාජපක්ෂවරුන් ඒ තනතුරුවලින් ඉවත් වෙච්ච වැරදි කියන එක. මේ රටේ හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා ජනාධිපතිවරයා පත්කරාම ඒ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ හැටනම ලක්ෂයේ ජනතාවට මිසක් පාරට බහින ලක්ෂයක් විතර ජනතාවකට නෙවෙයි. මේ රටේ රාජපක්ෂලා ආවේ ජනතාවගේ ඡන්දෙන් මිසක් කිසිම දවසක බලහත්කාරයෙන් බලයට ඇවිල්ල නැහැ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. අදටත් මේ රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි කියන ඒ ස්ථාවරයේ”

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි ද පක්ෂ මහලේකම්වරයා පැවසී ය.

ඒ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.

”අපි එතුමාව මුණ ගැහුණා. එතුමා කිසිම දේශපාලනයක් අපි සමග කතා කරේ නෑ. එතුමා එතුමාගේ විදේශගතව හිටපු කාලයයේ එතුමාගේ අත්දැකීම් සම්බන්ධයෙන් කතා කරා. අපිටනං එතුමා පෙන්නුම් කරේ නෑ. කිසිම ආකාරයකින් එතුමාට දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් උනන්දුවක් තියෙනවා කියන එක ”

Related posts

“මට සමාව එපා.. සමාව ගන්නෙත් නෑ“ – වංචා කොමිසමට ආ ගෝඨා කළයුතු දේ තදින්ම කියයි !

colombotoday

ධනංජය සිල්වාගේ පියානන් ඝාතනය : සැකකරුවෙක් වසර 4ට පසු අත්අඩංගුවට… අත්බෝම්බයක් සොයා පොලිසිය සැකකරු රැගෙන යයි

Admin

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

colombotoday