Colombo Today Local News

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

වැල්ලම්පිටිය කොලොන්නාව ජි.ජි .මාවතේ නිවසක් වටලා හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එහි දී රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 35 මිලි ග්‍රෑම් 350 ක්ද, මුදල් රුපියල් 1,026,700 ක්ද, ජංගම දුරකථනයක් සහ ඩිජිටල් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන කාන්තාවකි.

සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී තිබේ.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

Related posts

පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට උසස්වීම්

colombotoday

කතානායක රකින්න 2/3ක් සූදානම්

Admin

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday