Colombo Today Local News

පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙති

ඌරුගමුව වේහෙරගොඩ පූර්වාරාම රාජමහා විහාරාධිපති ප්‍රවීනාචාර්‍ය පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අපවත්වී තිබේ.

උන්වහන්සේ 1961 වර්ශයේ සැප්තැම්බර් මස 21 වන දින කලවැල්ගල පඤ්ඤකිත්ති නමින් පැවිදි දිවියට ඇතුලත් වූහ.

අනතුරුව 1965 වර්ශයේ ජුනි මස 09 වන දින මල්වතු මහාවිහාරයට අයත් ශ්‍යාමෝපාලි මහ නිකායේ පැවිදි උපසම්පදාව ලබා ගන්නට විය.

පඤ්ඤකිත්ති හිමියන් ගාල්ල දිඹුල්වැල්ලේ ශ්‍රී රේවත විද්‍යායතන පිරිවෙන,මාතර මහා මන්තින්ද විද්‍යායතන යන පිරිවෙන් වල මූලික අධ්‍යාපනය ලබන උන්වහන්සේ,උසස් අධ්‍යාපනයට රත්මලාන පිරිවෙන් අධ්‍යන ආයතනය සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයකින් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හදාරන ලදි.

අනතුරුව වලස්ගල සිරි සරණංකර පිරිවෙනෙහි පරිවේනාධිපති,මාතර වෙහෙරහේන සිරි රේවත මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති,වේහැල්ල ශ්‍රී ධම්ම දින්න දහම්පාසලේ ආචාර්යයවරයෙකු හා ප්‍රධානාචාර්යයවරයකු ලෙස ද සේවය කරන ලදි.

මෙලෙස සසුන්කෙත අස්වදන්නට වෙරවීර්යය දැරූ උන්වහන්සේ, ඌරුගමුව වෙහෙරගොඩ පූර්වාරාම විහාරස්ථ තිසරණ දහම් පාසලේ නිර්මාතෘ ලෙසත්, අවසන් මොහොත දක්වාම ප්‍රධානාචාර්යය වරයා ලෙසත් අපරිමිත සේවාවක් සිදු කිරීම කාගේත් ප්‍රශංසාවට ලක්විය.

ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් මහගු සේවයක් සිදු කළ පඤ්ඤකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 2006 වර්ශයේ සිට ඌරුගමුව වේහෙරගොඩ පූර්වාරාම රාජමහා විහාරාධිපතිත්වය දරමින් ජරා ජීර්ණව පැවැති විහාරස්ථානය පිලිසකර කොට නවීන විහාරාංග වලින් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින් සසුන් කෙත වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කරනු ලැබූහ.

අඩසියවසක් සසුන් කෙත අස්වැද්දූ ප්‍රවීනාචාර්‍ය පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති නම් මිණිපහන නිවී ගියේ බෞද්ධ සිත්සතන් තුල අමරණීය මතක සටහනක් ඉතිරි කරමින්ය. ප්‍රවීනාචාර්‍ය පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා.!!!

Related posts

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණුවට යුරෝපා සංගමයේ සහය

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍යවරු, රටටම දැනෙන දැඩි තීරණයක් ගනී !!

colombotoday

ඔහුව යුද හමුදාපති කරන්නැයි ෆොන්සේකා මගෙන් ඉල්ලා සිටියා – විමල්

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

හිටපු ජනපති මහින්ද මට ටෙලිෆොන් කරනව.. එක එක වැඩ කියනවා.. ඒවත් මම කරල දෙනව

colombotoday