Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණුවට යුරෝපා සංගමයේ සහය

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණු කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය සඳහන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක ආහාර සංවිධානය යන සංවිධානවල නියෝජිතයන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී යුරෝපා සංගම් නියෝජිතවරිය මේ බව පවසා තිබේ.

පිළිගත් ටෙන්ඩර් ප්‍රතිපත්තියෙන් පිට මෙරටට ලබා ගෙන ඇති කාබනික පොහොර සාම්පලයක් සම්බන්ධයෙන් පැළැටි නිරෝධායන මධ්‍යස්ථානය නිකුත් කර තිබෙන රසායනාගාර වාර්තාව පදනම් කරගෙන ඇතැම් පිරිස් ගොවි ජනතාව නොමඟ යවමින් වැරදි තොරතුරු සමාජ ගත කරන්න උත්සාහ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී විදේශ නියෝජිත පිරිස හමුවේ පවසා ඇත.

Related posts

‘පැහැරගැනීමට හිරුණිකා සම්බන්ධ බවට සාක්ෂි නෑ.. අත්අඩංගුවට ගන්න බෑ’ – ශ්‍රී ලංකා පොලීසිය

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි තොග විදේශ රටවලට විකිණේ !

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

හෙට සි​ට සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා

colombotoday

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

colombotoday