Colombo Today Local News

මහවැලි වේල්ලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු අරී…

වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 5 ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මහවැලි වේල්ලේ වාන් දොරටු 5 ක් විවෘත කිරීමට පියවර ගැනීමත් සමග එහි තත්ත්පරයට ඝණ අඩි 17,500ක් ජලය මුදා හැරේ.

මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ, හේතුවෙන් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසයි.

පොල්ගොල්ල දැදුරු ඔයේ වාන් දොරටු 8 ක් ද මේ වනවිට විවෘත කර ඇති අතර ඉන් මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 19,200 කි.

මේ අතර පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද (06) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Related posts

සෞදියේ දී හිරිහැරයට ලක්වූ 44ක් ඇඳිවත පමණක් ඇතිව දිවි බේරාගෙන යළි මව් රටට එයි

colombotoday

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin