Colombo Today Local News

ශ්‍රි ලංකාවේ නියෝජිතයන් හරහා ISIS ත්‍රස්තයන්ට සම්බන්ධවූ තරුණියක් ගැන ඉන්දියාව හෙළිකරයි

colombo toda isis indiaඉන්දියාවේ – පූනේ නගරයේ 16 හැවිරිදි දැරියක් ශ්‍රී ලංකාවේ සිටින අයි.එස්. නියෝජිතයෙකු හරහා එම සංවිධානය සමග සබඳතා ඇති කරගත් බව හෙළි වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද ප්‍රකාශ කළා. එමෙන්ම, ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල සහ පිලිපීනය, සෞදි අරාබිය, ඩුබායි මෙන්ම ශ්‍රී ලංකාවේ ද සිටින අයි.එස් හිතවාදීන් සමග ඇය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ.

2017 වසරේදී ISIS ත්‍රස්තයින් සමඟ සම්බන්ධවීමේ අධිෂ්ඨානයෙන් ඇය ක්‍රියාකර තිබේ.

ඉන්දීය මහාරාෂ්ඨ ත්‍රස්ථ විමර්ශන අංශයට ඇය කළ පාපොච්චාරණය මඟින් ලංකාව තුළ ක්‍රියාත්මක සැඟවුණූ ISIS ජාලයක් ඇති බවටයි වාර්තා වන්නේ.

රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ අයි.එස් සංවිධානය පිළිබද තොරතුරු ලබාගත් ඇය සිරියාවට යාමට පවා සූදානම්ව සිටි බව වාර්තා වනවා. එමෙන්ම, ඉන්දීය ත්‍රස්ත මර්දන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය තෙල් සංස්ථාවේ විධායක නිලධාරියෙකු වන මොහොමඩ් සිරජුඩ්ඩීන් සමග ද ඇය සබඳතා පවත්වා ඇති බව හෙළි වී ඇති තවත් කරුණක්. ඔහු පූනේ නගරය කේන්ද්‍රකොට ගෙන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පුරා අයි.එස් හිතවාදීන්ගේ ජාලයක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ගොඩනගමින් සිටි අයෙක්.

මූලාශ්‍රය

ISIS ත්‍රස්තයන්ට එක්වී සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබද මීට පෙර වාර්තා වූ අතර ඔහුත් සමග තවත් 16 දෙනෙකු සිරියාවට ගොස් ඇති බව එම ත්‍රස්තයන් විසින් ප්‍රකාශයට පත් කරන සගරාවකින්ම හෙලිදරව් කර තිබුණා. නමුත් ‘ශ්‍රී ලංකා උලමා පක්ෂය’ පසුගිය දා ප්‍රකාශ කර සිටියේ් ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තයන් සමග සම්බන්දකම් පත්වන අය නොමැති බවයි.

එහෙත් සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියා පිළිබදව ‘සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව’ කලින් දැන සිටි බව ඔවුන් සදහන් කර තිබිණි. උලමා සභාව එම පුද්ගලයා සමග සමීප සබදකම් පැවැත්වූ  බව අප වෙබ් අඩවිය හරහාද හෙළිදරව් කෙරණි. සිරියාවේදී මියගිය ලාංකික ISIS ත්‍රස්තයා හලාල් සහතික ගෙනා උලමා සංවිධානයේ සමීප හිතවතෙක්  ඉන්දීය ත්‍රස්ත මර්ධන ඒකකය හෙළිදරව් කරන පරිදි ලංකාවේ ISIS ත්‍රස්ත ජාලයක් ක්‍රියාත්මක වනවානම් බොහෝ දුරට උලමා සභාව හෝ මෙරට මුස්ලිම් දේශපාලකයන් ඒ පිළිබදව නොදැන සිටින්නට ඉඩක් නැත.  වත්මන් රජයේ අමාත්‍යවරයෙක් ISIS ත්‍රස්තවාදීන් සමග යම් සබදකම් පවත්වන බවද පසුගිය සමයේ කියැවිණි.

එබැවින් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද ලංකාවේ ISIS ක්‍රියාකාරකම් පිළිබදව අනාවරණය කර තිබෙන හෙයින් බුද්ධි අංශ තවත් කළ් නොයවා වහාම මේ පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබේ.

Related posts

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

Admin

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය 19ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

හම්බන්තොට සදළුගම මුස්ලිම් ගම්මානයේ පිරිසක් යුවලකට පහර දෙති. ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

colombotoday