Colombo Today Local News

“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති

හෙක්ටයාර් ලක්ෂයක ගොවිබිම් ප්‍රමාණයක් වී වගාවෙන් ඉවත් කර ඒවායේ සෝයා සහ බඩඉරිගු වගා කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂි නිලධාරීන් සමග ඊයේ (22) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ වී සදහා ස්ථාවර මිලක් ලබාදීමට නම් ගොවියා වී ‍ගොවිතැනෙන් ඉවත් වී අතිරේක බෝග වගාවන් සදහා යොමුවිය යුතු බවයි.

පොහොර සහනාධාරය ලබා ගැනීම සහ වී සඳහා සහතික මිලක් දිනාගැනීම ආදී කරුණු මුල් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටින සමස්ත ලංකා ගොවි ජන සම්මෙලනය ඇතුළු ගොවීහු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ පාලකයන් ගොවියා ගොවිතැනෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව ය.

Related posts

මැති ඇමති පිරිසකට දරුණු මානසික රෝගයක්… රනිල්, මහින්ද ඒ ගැන රහස් සාකච්ඡාවක්

colombotoday

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday