Colombo Today Local News

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !


පසුගිය රාජ්‍ය නායකයා ක්‍රියා කළ ආකාරය පිළිබඳව තමා සතුව ඇති අත්දැකීම් සම්භාරය එක්කොට ග්‍රන්ථයක් ලිවීමේ කටයුත්ත මේ දිනවල ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (20දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළි කෙළේය. ඔවුන් එදා කටයුතු කළ ආකාරය ගැන මට දවස් ගණනාවක් කතා කරන්න පුළුවන්. පොත් සිය ගණනක් ලියන්න පුළුවන්. මට ඒ ආණ්ඩුවේ නායකයන් සමඟ තිබුණේ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් යැයිද ජනාධිපතිවරයා පැවැසීය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ වැඩමුළුවක සමාප්ති උත්සවය අමතා ජනාධිපතිවරයා මේ අදහස් පැවැසුවේය.

සමහරු කියන අන්දමට තමා පසුගිය ආණ්ඩුවෙන් එළියට ආවේ අගමැතිකම නොළැබුණු නිසා නොවන බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සමඟ තවදුරටත් ඉදිරියට යා නොහැකි තැනට තමා පත්ව සිටි නිසා බවත් ජනාධිපති සිරිසේන මහතා පැහැදිලි කෙළේය. පසුගිය රජය ජනතාව තුළ පිරිහෙන්නත් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් තමා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්නත් හේතු වූයේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ දූෂිත ක්‍රියාවන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ නායකයා ඉඩ නොතැබීම බවද හෙතෙම සඳහන් කෙළේය.

 

Related posts

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday