Colombo Today Local News

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ


පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ බාල පුතු හා සහ තවත් අයෙකු රිය අනතුරකින් බරපතල තුවාල ලබා ඊයේ ( 22 දා ) පස්වරු 6.30ට පමණ හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරැවන් යතුරැ පැදියක නැගී හලාවත දෙසට එන අතර වේගය පාලනය කර ගත නොහැකිව බංගදෙනිය ලුණුඔය පාලම මත දි පාරෙන් ඉවතට පැන පාලම් ගැට්ටේ වැදි අනතුරට පත්ව ඇති බවත් යතුරැ පැදිය දෙකට කැඩි තිබු බවත් එය ලියාපදිංචි කර නොතිබු එකක් බවත් පොලිසිය කියයි.

මන්ත්‍රී පුත්‍රයාගේ තත්ත්වය බරපතල නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Related posts

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

Admin

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්..අවම දඩය ලක්ෂ 5යි

colombotoday

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin