Colombo Today Local News

දුරකතන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට..

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05)දිනයේ සිට 20% කින් ඉහළ නංවා ඇතැයි දුරකතන සමාගම් පවසයි.

ඩොලරයේ අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මීට හේතුවූ බව අදාල සමාගම් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මීට අමතරව පේ ටෙලිවිෂන් හෙවත් මුදල් ගෙවා නරඹන රුපවාහිනි සේවා ගාස්තුවද 25% කින් ඉහළ නැංවෙනු ඇති.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන් සඳහා වන වැට් බදු ප්‍රතිශතය අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ අතර , අද සිට දුරකතන පැකේජයන් සඳහා වන ගාස්තුව ද ඉහළ යන බව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ ය.

ඔහු පැවසුවේ දුරකතන ගාස්තු සංශෝධනයත් සමග Online ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන්ටද බලපෑම් එල්ලවන බව ය.

Related posts

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සමගි සන්ධානයේ ඉන්නේ මේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක් – අනුර ප්‍රියදර්ශන යාපා කියයි.

colombotoday

“රටම භීතියටත් පත් වෙලා.. තවත් නිහඩව ඉනු බෑ” – සජිත්ගෙන් නිවේදනයක්

colombotoday

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday