Covid 19

කොරෝනා ආසාදනය වූ මාධ්‍යවේදියෙකු මිය යයි

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දමිළ මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාශ් ඥාන ප්‍රකාශම් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත.

විසි හය හැවිරිදි මෙම තරුණයා කලක සිට ඔස්ටියෝපොරෝසිස් හා සමාන ඇවිදීමට නොහැකි රෝගී තත්ත්වයක සිට ඇත.

ඊයේ (02) උදෑසන කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇති අතර ඊයේ සවස් යාමයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මොහු හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා වශයෙන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දී උපත ලබා එම ප්‍රදේශයේ දීම ජීවිතයේ අවසන් ගමන් ගොස් ඇත.

මෙම තරුණ මාධ්‍යවේදියාට වයස අවුරුදු තිහට අඩු බැවින් කොවිඩ් එන්නත ලබා ගැනීමට නොහැකි වී ඇත.

Related posts

මුල් ප්‍රභේදය ආසාදිතයන්ට සාපේක්ෂව ඩෙල්ටා රෝගීන්ගේ වෛරස ප්‍රමාණය, 300 ගුණයකින් වැඩි

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

colombotoday

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගනී

colombotoday

මහියංගනය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් තවත් කොවිඩ් පොකුරක්

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday