අම්පාර, උහන බණ්ඩාරදූව ප්රදේශය හරහා ඊයේ (28) පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට පමණ හානි සිදුව තිබේ.
පුද්ගලයින් 19 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බව ආපදා කළමනාකරණ ඒකකයේ අම්පාර දිස්ත්රික් සහකාර අධ්යක්ෂ එම්.ඒ.සී.එම් රියාස් මහතා සඳහන් කරයි.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන්, බණ්ඩාරදුව ප්රදේශයේ විදුලිය සැපයුම ද බිඳ වැටී ඇත.