World

ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මිය යයි

ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි අතිශය ජනප්‍රිය කූලියෝ (Coolio)ය.

කූලියෝගේ සිරුර හමුව ඇත්තේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසක නාන කාමරයක් තුළ තිබියදීය.

කෙසේ වෙතත් කූලියෝගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට සැකපළකරන බව වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වර්ෂ 1980දී කූලියෝ සිය සංගීත ජීවිතය ආරම්භ කළද ඔහු ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ Gangsta’s Paradise හරහාය.ඔහු විසින් එම නිර්මාණය සිදුකළේ වර්ෂ 1995දීය.

Related posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

සර්පයන් තොගයක් රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

Admin

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday