තොටලග කජීමා වත්ත ප්රදේශයේ පැල්පත් නිවාස ආශිතව අද (27)දින ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් ගිනි භටයන් 50 කට අධික පිරිසක් යොදවා ඇත.
මෙම ගින්න රාත්රී 7.30 ට හටගෙන ඇත.
ප්රදේශයේ මාර්ග පටු වීම නිසා විශාල ගිනි නිවන රථ වලට එම ප්රදේශයට ගමන් කිරීමට නොහැකි වී ඇති හෙයින් එය ගින්න නිවී මේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන්ව කරයි.
කැලණි ගඟේ තොටළග ප්රදේශයෙන් වතුර ගෙන බවුසර් රථවලට පුරවා වීමේ කටයුතු සිදුකරන බවද වාර්තාවේ.
කජීමා වත්තේ පැල්පත් නිවාස විශාල ප්රමාණයක් ඉදිකර ඇති බවත් එම පැල්පත් ආශ්රිතව මෙම ගින්න හටගෙන පැතිර ගොස් ඇති බවද වාර්තාවේ.