Colombo Today Local NewsUncategorized

එන්නත් නොවිදා කාඩ්පත් ලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට

ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අද(09) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි 47හැවිරිදි පුද්ගලයෙක්,කෝන්ගහ පාර පදිංචි 48හැවිරිදි සහ 43හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙක් හා තනිපොල්ගහ පදිංචි 41හැවිරිදි කාන්තාවකි.

මෙම සිවු දෙනා සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එනනත ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටියදි එහිසිටි නිලධාරින් විසින් එය දැක පොලිස් නිලධාරින්ට දන්වා ඇත.

පසුව එම සිව්දෙනා පොලිස් බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත ගෙනැවිත් කරන ලද විමර්ශණයේදි අනාවරණයවි ඇත්තේ සොහොයුරියන් දෙදෙනා පසුගිය මාසයේ 11වනදින පැමිණ පළමු එන්නතද ලබාගත් බවට කාඩ්පත් ලකුණු කරගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ පියාද එන්නත් විදගත් බවට කාඩ්පත ලකුණු කරවාගෙන ගොස් ඇති බවය.

ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 267වන වගන්තිය යටතේ අන්තරාදායක රෝගයක් පැතිරවිමට හැකි අයුරින් නොසැළකිලිමත් ලෙස ක්‍රියා කිරිම යන චෝදනාව යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Related posts

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin

“ලෝකෙම යාළුයි කීවට තවම පිච්චියක් දීල නෑ.. චීනෙට බැණ බැණ දැන් චීනේනම සල්ලි ඉල්ලනවා” – චන්ද්‍රසිරි ගජධීර

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

හිටපු ඇමති රොෂාන්ට වාරණයක්!

Admin

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday