Colombo Today Local News

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

ranil my3ජන සටන පාද යාත‍්‍රාවට ආණ්ඩුවට කොහොම දැනිල්ලක් දැනිලද කියලා දැනෙනවා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඊයේ නටපු නැටිල්ල දැක්කම. අගමැතිවරයා ජෝන් ගහන ඒවා ගහලද මන් දන්නේ නෑ මහලොකු චන්ඩියෙක් වගේ බටලන්දේ ලක්‍ෂණත් පේන්න තිබුණා. මාධ්‍ය මට්ටු කරන්න ඕනෑ. මාධ්‍ය දගලනවා. මාධ්‍ය අපි බලාගන්නම් කියලා කිව්වා. රාජපක්‍ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ කියපු රාජපක්‍ෂ ආණ්ඩුවේ තිබුණේ ඒකාධිපතිවාදය කියපු, ඒක නැති කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝරෙ ගලන රටක් හදනවා කියපු වික‍්‍රමසිංහ තමයි මේ රටේ මාධ්‍යයට තර්ජනය කරන්නේ. මේ අය හදන්නේ මාධ්‍ය බය ගන්නලා දණ ගස්සලා තියාගන්න. ඒකෙන්ම පේනවා ආණ්ඩුව කොච්චර බයවෙලාද කියලා යයි ජාතික කිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජනසටන පාද යාත‍්‍රාව වෙනුවෙන් මිනුවන්ගොඩ නැදගමුවේ පැවති ජනහමුවේදීය ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

ආණ්ඩුවේ අලූත්ම තියරිය තමයි හොරකම් කරනවයි කියලා චෝදනා කරලා රාජ්‍ය ආයතන විකුණන එක . එහෙමනම් ඉස්සෙල්ලාම විකුණන්න ඔන මහ බැංකුව. මේ ආණ්ඩුවේ සුපිරිම රොබරිය කලේ මහ බැංකුව ඇතුලේ. ඒක කලේ රනිල්ගේ ගජ මිතුරා අර්ජුන් මහේන්ද්‍රය. ඒක තමයි ලංකා ඉතිහාසයේ සිදුවුණු සුපිරිම රොබරිය. රොබරි අර්ජුන් . ආණ්ඩුවේ තියරියේ හැටියට ඉස්සෙල්ලාම විකුණන්න ඕනෑ මහ බැංකුව.

ජනවාරි 08 ඔක්කොම කට්ටිය එකතුවෙලා මහින්දව යැව්වා. දෙමළ සන්ධානනයි, ජේ.වී.පී.එකයි, ප.ච.රනවකයි, එක එක ජාතියේ බඩුටික එකට එකතු වුණා. එකතුවෙලානේ මේ අට වෙනිදා නැටුම නැටුවේ. මේ අය එකට එකතුවෙලා ඔබට දුන් බලාපොරොත්තු ඉටු වෙලාද. එදා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මේ රටේ දැවෙන අර්බුධ රැුස්කට විසදුම් දුන්නා. රාජපක්‍ෂ ආණ්ඩුවෙන් නොලැබෙන යහපතක් ලබාගන්න හංසයාට ඡුන්දය දුන්නා. සිරිසේන මහත්තයා මහ පාන්දර හොරෙන් පැනලා ගියා. ආප්පයක් කාලා ?, උදේ පැන්නා. පැනලා ගිහිල්ලා රනිල් වික‍්‍රමසිංහව 09 වෙනිදා කසාද බැද ගත්තා නිදහස් චතුරශ‍්‍රයේදී. ඊට කලින් රෙජිස්ටර් වෙලා ඉන්න ඇති. දෙන්නා මුදු මාරු කලා. ඉර බැහැගෙන යන වෙලාවේ මුදු මාරු කරලා පෙලවහ ප‍්‍රකාශයට පත්කලා. සමහරු හිතුවා දැං ඉතිං කිරියෙන් පැණියෙන් ඉතිරෙයි . රාජපක්‍ෂ යුගයේ නොලැබුණු සහන ලැබෙයි ඊට පස්සේ සිරිසේන මහත්තය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් අල්ල ගත්තා. එතකොට මේ අය හිතුවා දැන් හරි යූ.එන්.පී.ය හරි. සිරිසේනට කියලා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් ආන්බාන් කර ගන්නවා. ජේ.වී.පී.එක කොහොමත් ආන්බාන් කරලා තියෙන්නේ. නාස්ලණුව දාලා ඉවරයි. රතු අලි පැටියා ගැට ගහගා තියෙන්නේ සිරිකෙතේ කණුවක. ඌට යන්න පු`ඵවන් කඹේ දිග ඇති ප‍්‍රමානයක විතරයි. විපක්‍ෂයක් නෑ. සම්බන්ධන් ඉන්නවා. විරුද්ධ පක්‍ෂ බලවේගයක් නෑ. එක්සත් ජනපදය, ඩයස්පෝරාව, ඉල්ලන ඕනෑම දෙයක් කරන්න පු`ඵවන්. ඒ කන්දත් අපේ තමයි. මේ කන්දත් අපේ තමයි. කියලා තමයි ආණ්ඩුව හිතුවේ. සිරිසේන මහත්තයාට පෙබරවාරි 18 අපි නුගේගොඩදී පෙන්නුවා මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාවගේ මයිලක්වත් අල්ලන්න බැරි බව . ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ බලවේගය බන්නෙ මහින්ද එක්ක. ශී‍්‍ර ලංකා එකේ මහජන බලවේගය ඉන්නෙ මහින්ද එක්ක. ඒක සිරිසේන මහත්තයට බලෙන් ගන්න බෑ.

අද රතු අලි පැටියා ආණ්ඩුවට රෙදි නැතිව කඬේ යනවා. ජිනීවා වලින් එන ඇමෙරිකාණු මෙහෙයුම ගැන රතු අලි පැටියා වචනයක් කියනවාද ? නෑ. ඇමෙරිකාවෙන් මෙහෙ ඇවිත් රටට හතුරුකම් කරනවා. රතු අලි පැටියා කටක් ඇරලා තියෙනවාද ? නෑ පාර්ලිමේන්තුවට බලපෑම් කරනවා.. . හමුදාවට විරුද්ධව බොරු චෝදනා හදන පැක්ටරියක් හදනවා. අති විශාල බල තල දෙන්න යනවා. රතු අලි පැටියා ඒ ගැන කථා කරනවාද ? නෑ. යුධ අපරාධ අධිකරණ ගැන කථා කරනවා. ඒත් රතු අලි පැටියා කට හොල්ලන්නේ නෑ. සිරිකොතේ කණුවට ගැට ගහලා තියෙන රතු අලි පැටියගේ විරෝධය කඹේ දිග තියෙනතුරු විතරයි. දෙමළ ඩයස් පෝරාවේ න්‍යායපත‍්‍රයට රතු අලි පැටියා ගැට ගහලා ඉවරයි.

මේ ආණ්ඩුව කරගන්න බලාපොරොත්තුවෙලා ඉන්න රටට අහිතකර දේවල් කරගන්න තමයි රාජපක්‍ෂ හිතවාදීන් අද හිරගෙදරට ගෙනයන්නේ. මේ දඩයම කරන්නේ ඇයි. මාව බැරිනම් නෝනව හරි , නැත්නම් මගේ අයියව හරි හිරේ දාන්නයි හදන්නේ. රාජපක්‍ෂ ජනාධිපතිතුමා මානසිකව වට්ටන්න දරුවෝ දෙන්නෙක් මේ වෙනකොට හිරේ දැම්මා. හිරේ දැම්මයි කියලා මේක නතර වෙන්නේ නෑ. හිරේ ගිහින් එන්නේ හිනාවෙවී මේ බලවේග එහෙම යටපත් කරන්න බෑ. මේ බලවේග මේ විදියට කි‍්‍රයාත්මක නොවුණානම් මේ පරගැති ආපහු මේ රට විනාශ කරනවා. ඒක ස්ථීරයි.

මේ රට එල්.ටී.ටී.ඊ. එක හරහා දෙකඩ කරන්න බලාගෙන හිටියේ කවුද? කවුද මේ යුද්ධය පිටුපස හිටියේ ඇයි මේ බටහිරට කොටි බේරගන්න අමුතු රුදාවක්. එයාලට ඕනේ අපේ රට අස්ථාවර කරන්න. බටහිරයි, කොටියය් බලන්නේ ඒක කරන්න. මහින්ද ඇවිත් ඒක නතර කලා. දැන් කෙහොමමද ආයත් මේ රට අස්ථාවර කරන්නේ කියන එකයි බටහිර කල්පනා කරන්නේ. ආර්ථිකය අස්ථාවර කිරීම තමයි පලමු උපක‍්‍රමය. ශක්තිමත් රාජ්‍යසේවය විනාශ කිරීම දෙවෙනි උපකල‍්‍රමය. මත්තල ශී‍්‍ර ලංකන් විතරක් නෙමෙයි ලංගමටත් තට්ටු කරන්නයි ආණ්ඩුව හදන්නේ. ඩිපෝ ගණන 50කට අඩු කරන්න දැන් උත්සහයක් තියෙනවා. රාජ්‍ය අංශය දුර්වල කරලා බෙලහීන කරලා රට අස්ථාවර කිරීම ආණ්ඩුවේ ආර්ථික විද්‍ය තියරිය. ඒකටයි මේ රාජ්‍ය ආයතන වල හොරකම් තියෙනවයි කියලා චෝදනා කරන්නේ. ආණ්ඩුව බලයට පත්වුණු ගමන් රාජ්‍ය සේවයට බැදෙන තරුණ තරුණියන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය නැති කලා. රට ආර්ථික වශයෙන් ප‍්‍රපාතයකට ඇද දැම්මා.

මේ ආණඩුවට කතිරය ගහපු කෙනෙක් හොයාගන්න නෑ. ඡන්දෙ දීපු අයත් කරපු දේ ගැන පසු තැවෙනවා. ආණ්ඩුවට ඡුනදෙ දීපු අය ? නින්දට පෙර තමන්ටම ලොකු ටොකු දෙක බැගින් ඇණ ගන්නවා. ආණ්ඩුව අද වැඩ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව. ඒ වට්ටෝරුවට අනුවයි වැට් වැඩි වුණේ. මෙදා පාර ඇට්ටි හැලෙන්න වැට් දැම්මා. අපේ කාලේ යුද්ධයක් තිබිලත් සෞඛ්‍යට වැට් ගැහුවේ නෑ. ගෙනාවේ න`ඵවෙක් නෙමෙයි. මොලයක් කිව්වා. ටයි කෝට් දාගෙන ආපු මේ නල්ල මලේ බඩුව ගැහුවා වැට් ලැට් යන්න වෙන විදියටම. දෙයි හාමුදුරුවනේ අද වැට් නොවදින එකක් නෑ. වැට් හින්දා ජනතාව ෆ්ලැටේ ෆ්ලැට්. අපි වැට් එකට විරුද්ධව උසාවි ගියා. වැට් හරහා මැයි 2 ඉදන් ජූනි 11 වෙනකම් මේ ආණ්ඩුව ජනතාවගෙන් සල්ලි ගත්තා. මේ සල්ලි ගත්තේ බහිරවයෝ 95ක් රකින්න. නීති විරෝධීව වැට් එකෙන් හොරා කාපු සල්ලි වහාම ජනතාවට ගෙවන්නැයි අපි ආණ්ඩුවට බල කරනවා.

මේ ආණ්ඩුව සමකෝණී ත‍්‍රිකෝණයක් වගේ එක මුල්ලක මෛතී‍්‍ර, අනිත් මුල්ලේ රනිල්, අනිල් මුල්ලේ චන්ද්‍රිකා, මේ අය තුන් මුල්ලට වෙලා බලාගෙන ඉන්නවා රට විනාශ වෙනවා. වික‍්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ විකට රසාංග පෙන්නනවා. හිටපු ගමන් සූටිං- මාටිං පෙන්නනවා. ආටක -නාටක පෙන්නනවා.

යාපනයේ විශ්ව විද්‍යාලයේ සිද්ධිය මේ රටේ ඇති වෙමින් පවතින තත්වය පිලිබදව හොද උදාහරණයක් එදා තිබුණු සංහිදියාව අද නෑ. සහජීවනය අද නෑ. යුද්ධෙ කාලෙවත් මේ වගේ දේවල් වුණේ නෑ. යහපාලනය යහපාලනය කිය කියා මේ ආණ්ඩුව තිබුණු යහපාලනයත් නැතිකලා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පණ දුන්නේ දෙමළ ජන සමාජයට. මේ ආණ්ඩුව පණ දෙන්නේ අන්තවාදයට. රනිල් මෛතී‍්‍ර වගේ වගක් නැතුව ඉන්නවා.

ව්‍යවස්ථාවක් හදනවා කියලා කොත්තු රොටියක් හදන්නයි ආණ්ඩුව කැසකවන්නේ. යුද්ධය කරලා දිනන්න බැරි වුනහම වෙනම රාජ්‍යයක පිම්ම ව්‍යවස්ථා මර උගුල හරහා පැනගන්නයි හදන්නේ. එහෙම වුනොත් ඒක මේ රටේ අවසානය. ජාතියේ මල බෙරය වයන්න මේ කාලකන්නි ආණ්ඩුවට ඉඩ දෙනවද . රටේ ඒකීයභාවය අහඅමි වුනොත් රට සී සීකඩ කැඩෙනවා. ඒකට තුනෙන් දෙක ගන්නනම් සිරිසේනගෙයි, රනිල්ගෙයි දීගය පවත්වාගෙන යන්න ඕනෑ. ආරංචි විදියට ජනවාරි 12 පලාත් පාලන මැතිවරණයට දින නියම කරලා තියෙනවා. ආණ්ඩුවේ විනාශකාරී වැඩපිලිවෙල ඉදිරියට ගෙනියන්න හංසපූට්ටුවක් දාන්නයි මේ අය සැරසෙන්නේ.

සිරිසේන මහත්තය කරන්නේ අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන එක ඒක හරියට අපේ නොනට බබා හම්බවුනාම මමයි තාත්තා කියලා දොස්තර කියනවා වගේ. මේ ජෝඩුවට මෙහෙම නටන්න දීලා අපි ගෙදර ඉදන් දත්මිටි කාලා වැඩක් නෑ. රට බේරුව සේනාධි නායකයගෙන් පලිගද්දී ගෙදර ඉදන් දත්මිටි කාලා වැඩක් නෑ. ඒ හින්දා අපි හැමෝම එකතුවෙන්න ඕනෑ.

ප‍්‍රදීප් අනුර කුමාර

Related posts

“දේශීයත්වය අමතක කරල, පිටරටවල් පස්සෙ යනවා” – ඉන්දීය මහාචාර්යවරයෙක් අපි ගැන කියන කතාව මෙන්න

colombotoday

VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයි

colombotoday

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

colombotoday