Colombo Today Local News

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය විපක්ෂ නායක සජිත් හෙලිකරයි.

රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ,එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරෙක්ව මහ බැංකු අධිපති බවට පත් කිරීමේ කුමන්ත්‍රණ නාඩගමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, මහ බැංකු අධිපතිවරයා සහභාගිවූ වැඩ සටහනේ දී රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගේ හැසිරීම අතිශය පිළිකුල් සහගත වී යැයි ද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩු ගැන විහිලු කතා කරනවට වඩා මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වයේම ප්‍රධානීන් අතර මූලික එකඟතාවයක් පැවතිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නක්වත් නැති තත්ත්වයක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන හිතන්නටවත් පුළුවන් දැයි විමසා සිටියේය.

මේ තීරණාත්මක මොහොතේ රට ගොඩනැගීම වෙනුවෙන් තම සහයෝගය ඉල්ලා සිටීමේ කටයුත්ත මෙන්ම,ආණ්ඩුව පාර්ශ්වයෙන් ද,ඒ පිළිබඳව යහපත් එකඟතාවයක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(02) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ය.

Related posts

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කොටි කුක්කෙකුට දිවා භෝජන සංග්‍රහයක්… වියදම ශ්‍රී ලංකා රජයෙන්…

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday