Colombo Today Local News

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ උපාධි ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ. එම විශ්වවිද්‍යාලය යටතේ අනුබද්ධ ආයතන දෙකක් පිහිටුවීමට නිර්දේශ කර තිබෙන අතර දැනට පවතින ජාතික අධ්‍යාපන ආයතනය සහ අලුතින් පිහිටුවීමට නියමිත ජාතික ගුරු අධ්‍යාපන ආයතනය එම අනුබද්ධ ආයතන වෙයි.

අලුතින් පිහිටුවන ජාතික ගුරු අධ්‍යාපන ආයතනය නියෝජ්‍ය උපකුලපතිවරයකු යටතේ ක්‍රියාත්මක කෙරේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පුහුණුව ලබන ගුරුවරුන් වෙනුවෙන් උපාධි පිරිනැමීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ මෙම ආයතනය විසිනි. ‍

ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේ ක්‍රියාත්මක කෙරෙන ක්‍රමය වෙනස් නොවේ.

මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධන සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේගේ සම සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුවකිනි.

පුහුණු ගුරුවරුන් වෙනුවෙන් මින් ඉදිරියට පිරිනමන්නේ ඩිප්ලෝමාවක් ද නැතහොත් උපාධියක් ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් තීරණයක් ගෙන නොමැති හෙයින් පසුගිය 2019 සහ 2020 උසස් පෙළ විභාගවලට පෙනී සිටි සිසුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කරගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නොහැකි වී ඇත.

Related posts

ජනපති හා රනිල් දුරකතන සාකච්ඡාවක

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහජන ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පිංකම් මාලාවක් සුහුරුපායේදී

Admin

ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන ප්‍රදේශයෙන් වෙන් කරයි.. තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක් ඉටුවේ !

colombotoday

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් තබයි…

colombotoday