Colombo Today Local News

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

රාජ්‍ය ඇමැතිවරුන් තිස්පස් දෙනකු ලබන සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන බව ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර වෙනම වැය ශීර්ෂයක් වෙන් කරමින් පත්වීම් ලබාදිය යුතු බව හිටපු රාජ්‍ය ඇමැතිවරු එහිදී අවධාරණය කර තිබුණි. රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබා නොදුනහොත් අයවැයේදී සහයෝගය ලබා නොදෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමැතිවරු දැනුම් දී තිබේ. හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව තිස් හතරකි.

Related posts

ඇමති ජෝන්ට ආයෙත් මද කිපිලා.. කෝටි 8ක වියදමින් හැදූ වත්තල ඇවිදින මං තීරුව කඩා දමයි

colombotoday

ගුරු-විදුහල්පතිවරු සති දෙකක් අකුරට වැඩ

Admin

සත් වසරකට පසු හෙළිවන යුද්ධයේ කොටි රහස්‌ !

colombotoday

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

මාර්ගයක් අසල නාඳුනන මළ සිරුරක්

Admin

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday