Colombo Today Local News

අධ්‍යාපන ලේකම්ට චෝදනාවක්

විධිමත් පටිපාටියෙන් බැහැරව 06 ශ්‍රේණිය සඳහා සිසුන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අනුමත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට චෝදනා එල්ල වේ. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 06 ශ්‍රේණියට සහ හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට සිසුවියන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අදාළ පාසැල්වල විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

සාමාන්‍ය පටිපාටියට අනුව 05, 06 ශ්‍රේණිවලට එලෙස සිසුන් ඇතුලත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට හෝ බලයක් නොමැති බවයි අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ. 05 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සහ 06 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු අනුව පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම ඊට හේතුවී තිබේ.

හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් කිරීමේ කඩඉම් ලකුණ 181 ක් වේ. එම පාසැලට සිසුවියක් ඇතුලත් කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අනුමැතිය ලබාදී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 180 බැගින් ලබාගත් සිසුන් 36 දෙනෙකු පොරොත්තු ලේඛනයේ රැඳී සිටියදීයි.

කුරණෑගල මලියදේව බාලිකා විදයාලයේ හය වන ශ්‍රේණියට ශිෂ්‍යාවන් බඳවා ගන්නා කඩඉම් ලකුණ 191 ක් වේ. එම පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා ලකුණු 190 බැගින් ලබා ගත් සිසුවියන් 42 දෙදෙනෙකු පොරොත්තු ලේඛණයේ රැදී සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බව විදේශ අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

colombotoday

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන මාරක වගන්ති 10 ක් !

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday