Colombo Today Local News

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් බඩුත් එක්ක දැලේ

විදේශගතව සැඟව සිටින බව කියන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන “පානදුර සලිදු” නමැත්තාගේ ජාවාරමට අයත් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු, ජාවාරම් මුදල් එක්ලක්ෂ පනස් හයදහසක්,ඇසුරුම් කඩදාසි සහ විද්‍යුත් තරාදි ඇතුළු උපකරණ සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත්බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිව සිටින 36 සහ 28 වියැති අඹුසැමි යුවලක් බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 320 ක්, ජාවාරම් මුදල් රුපියල් එක්ලක්ෂ පනස් හයදාස් තුන්සීයක්, ඇසුරුම් කඩදාසි පනස්දහසකට ආසන්න ප්‍රමාණයක්, කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදි 2 ක් ජාවාරම සඳහා යොදාගත් බව කියන ජංගම දුරකථන 5 ක්, යතුරුපැදි 2 ක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුනා මහතා සමගින් කොස්තාපල්වරුන් වන තාරක (23013) ,රංග (29383), ලක්මාල් (93356), හසිත (94543),හේරත් (28810), ගිහාන් (97854) , කාන්තා ශසිකලා (13172) සහ පොකොරි අනුෂ්ක (97318) වැටලීමට වූහ.

Related posts

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin