Colombo Today Local News

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර අද පෙරවරු කාලයේ දී පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතර තුර මෙම අබැද්දියට මුහුණ දී ඇත.

ඝාතනය ලක්වන අවස්ථාවේ අගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇතැයි පොලීසිය සදහන් කරයි.

ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැදි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත්, එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලීසිය පවසයි.

මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තාවේ.

මෙම අපරාධය සිදු කොට රන් මාලය කඩාගෙන පලා ගොස් ඇති සැකකරු මේ වනවිට හදුනා ගෙන සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

colombotoday

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday