Colombo Today Local News

ප්‍රශ්නවලට උත්තර දෙන්න විෂයයට අදාළ ඇමතිවරු මැතිසබේ සිටීම අනිවාර්‍යයි

පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවල ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ඒ ඒ විෂයයට අදාළ ඇමතිවරුන් සභා ගැබේ අනිවාර්යයෙන් සිටිය යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව ද දැනුම් දී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවල පවා වගකිව යුතු ඇමතිවරුන් බොහොමයක් සභා ගැබේ නොසිටිනු දක්නට ලැබිණි.

පාර්ලිමේන්තුව පවත්වන දිනවල වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 27 (2) යටතේ කරන ප්‍රශ්න, සභාවේ නියමිත ප්‍රධාන වැඩකටයුතුවලට අදාළව සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හා යෝජනාවලට අදාළ විෂය භාර කැබිනට් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු එම කාලයේ සභා ගර්භයේ සිටින ලෙස ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් දැනුවත් කර ඇත.

විශේෂයෙන් ම, පාර්ලිමේන්තුවේ එදිනට අදාළ දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ සභාපතිවරයන්ගේ ද සක්‍රිය දායකත්වය අවශ්‍ය බව ත් අදාළ සභාපතිවරයන් නොසිටියහොත් ඊට අදාළව නියෝජ්‍ය සභාපතිවරයෙකු හෝ අනිවාර්යයෙන් සිටිය යුතු බව ත් ජනාධිපතිවරයා තවදුරට ත් අවධාරණය කර ඇත.

එමෙන් ම, පාර්ලිමේන්තුවේ යම් ඡන්ද විමසීමක් හෝ සුවිශේෂී දිනයක් වේ නම්, එම කමිටු සම්බන්ධීකරණ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා රැඳී සිටිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

Related posts

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

මහින්ද කියන්නේ පක්ෂය හූරගෙනම ගිය කලවැද්දෙක්.. ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්නත් පුළුවන් – SB

colombotoday

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

colombotoday

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday