Colombo Today Local News

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක්.. පාසල් දරුවන් දහසකට කොරෝනා – මන්ත්‍රී රෝහණ බණ්ඩාර

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (2)දින පැවැසීය.

ගුරුවරුන් සියයකට වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේම අනුරාධපුරයේ නගර සහ ගම්මාන ආශ්‍රිතව වෙනදාට වැඩියෙන් කොරෝනා රෝගීන් වාර්තාවෙමින් තිබෙන බව පැවසූ බණ්ඩාර මහතා අනුරාධපුර නගරය ආශ්‍රිතව සිවු දෙනකු කොරෝනා වැළඳීමෙන් ඊයේ දිනයේදී පමණක් මිය ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

අනුරාධපුරයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අඩු කර ඇති හෙයින් එම පරීක්ෂණ වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එන්නතට පමණක් සීමාවී වැඩ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ කාරණය අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවයි.

Related posts

බිරිඳක් මන්නයකින් කොටා ගිනි තබා සැමියා ඝාතනය කරලා

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී

colombotoday

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

colombotoday

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday