Colombo Today Local News

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවලට අනුව කොලොන්නාව ප්‍රදේශයේ සැඟවී සිටියදී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 945 ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම සඳහා ඔහු භාවිත කළ රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය හා ජීව උණ්ඩ 2 ක් ද සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 720 ක් සිය භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හැවිරිදි වියේ පසුවන කෙසෙල්වත්ත හා ගුණසිංහපුර පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 9 වැනි දා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩි තැබීම සිදුව තිබුණි.

Related posts

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday