Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීමට අලි සබ්රි නිව්යෝර්ක් නුවරට..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද(19)දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍යවරයා ලබන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය තුළ ජාත්‍යන්තර සමුළු කිහිපයක් ඇමතීමට නියමිතව ඇත.

එම සමුළු වන්නේ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය සැසිය, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ගෝලීය සංවර්ධනයට මුල පිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම යන සැසියි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවාරය හෙට සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ය.

Related posts

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ මධූෂ්ගේ ගෝලයා අල්ලයි… කොල්ලය සිදුවූ හැටි හෙළිවෙයි…

colombotoday

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

colombotoday

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

colombotoday