Colombo Today Local News

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ.

ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් 10 අතර ශ්‍රී ලංකාව පසුවන්නේ සිව්වන ස්ථානයේය. මෙරට ආහාර උද්ධමනය සියයට 91ක් ලෙස එහි දැක්වේ.

ලොව වැඩිම ආහාර උද්ධමනය සහිත රට සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එම අගය සියයට 353කි. ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවේ.

තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් සෙසු රටවල් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස සියයට 9.9ක වැනි අගයක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුළ එය සියයට 90.9 දක්වා දස ගුණයකින් ඉහළ ගොස් තිබේ.

ආහාර උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ සිටය.

වාර්තාවේ සාරාංශයක් දක්වන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ලොවපුරා මිලියන 205.1 ජනතාවක් ආහාර අර්බුදයකට හෝ එහි උග්‍ර තත්ත්වයට මුහුණපානු ඇති බවය.

මේ වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ සෝමාලියානු බොක්ක කලාපයේ ප්‍රදේශ 03ක සාගතයක් ඇති වනු ඇති බවටද එමගින් පුරෝකථනය කර තිබේ.

Related posts

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

colombotoday

Facebook විහිළුව හැබැවටම. | කහපාට ගෑස් සිලින්ඩරේ නිල්පාට කර මුදලාලිව අන්දලා

colombotoday

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

colombotoday

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

colombotoday

ඉන්ධන මිලේ වෙනසක් වෙන්නේ නැහැ

colombotoday